මේ සටහන දැඩි අභිමානයකින් හා ආඩම්බරයකින් තබන්නෙමු.. උසස් පෙළ විභාගයේදී දිවයිනේ දෙවැනියාට ඉගැන්වීම මහත් වූ වාසනාවක් ලෙසම සළකන්නෙමු. දශක එක හමාරකට ආසන්න කාලයකින් පසු උසස් පෙළ වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රමුඛයකු කුලියාපිටිය නගරයෙන් බිහිවී ඇත..LTC දිරිය දරුවෙක්වූ ඔහු නමින් ශෙහාන් ය.. ශෙහාන් සංදීප සුගතසිරිය...පෙර පාසලේ සිට මේ දක්වා ඔබ උගත් සියලු පාසල්වල ( මා දන්නා පරිදි උඩවෙල රේවතය සහ කුලියාපිටිය මැදි විදුහල ) සහ සියලූම පුද්ගලික අධ්‍යාපන ආයතනයන්හි ලොකු කුඩා සෑම ගුරුවරයෙකුම මේ ජයග්‍රහණයේ කොටස්කරුවන්ය.
උසස් පෙළට ගණිත විෂය ධාරාව හදාරන්නට ගිය ඔබ LTC ආදි සිසුවියක් මෙන්ම උපාධි අපේක්ෂිකාවක් වූ ඔබගේම අක්කණ්ඩියගේ මග පෙන්වීම මත AAT හදාරන්නට අප වෙත පැමිණි අයුරු තවමත් හොඳින් මතකයේ තිබේ. LTC ප්‍රධාන කාර්යාලයේ පහත මාලයේ කෑම කාමරය අසලදී ඔබේ අම්මා ඔබ මා වෙත බාරදෙන විට එය මට දැනුනේ හිස මත තැබූ මහා බරක් ලෙසය. ඒ අන් කිසිම කරුණක් නිසා නොව Maths කළද ඔබ ඉංජිනේරු පීඨයට යන බව මා නියත ලෙසම පසක් කරගන සිටි බැවිනි...එනිසාවෙන්ම ඔබේ උර මත මම බොහෝ ඉලක්කයන් පැට වූයෙමි..සමහර ඉලක්කයන් පාසල් සිසුවකුට බර වැඩි වූවද ඔබ ඒ සෑම ඉලක්කයක්ම ජය ගත්තේ AAT පළමු, දෙවන හා තෙවන අදියරයන්හිදී දිවයිනේ ප්‍රථම ස්ථාන මෙන්ම විෂය තයාගයන් රැසක්ද LTC මාතාවට උරුම කරමිනි...ඔබ උසස් පෙළ ට ලියද්දී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ අදියරයන් දෙකක්ද සාර්ථකව අවසන් කොට හමාරය. ඉතිං පුතණුවනි, විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසකම නිරත වූ ඔබ සැබවින්ම සැමට ආදර්ශයකි...
මේ ජයග්‍රහණය අප සැමගේම ජයග්‍රහණයකි.ඔබට ආර්ථික විද්‍යාව ඉගැන්වූ විශ්වවිද්‍යාල කථිකාචාර්ය බුද්ධික හෙට්ටිආරච්චි මේ ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවෙකි...බිංදුවේ සිට පැමිණි අපට අත හිත දුන් අය බොහෝය. වයඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය අයෝමා කරුණානන්ද අපිට යෝධ ශක්තියක්. LTC ආදිකතෘවරුන් වූ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක ඉංදික රත්නායක මැතිදුන්ද, එරික් දිසානායක මැතිදුන්ද ගරුත්වයෙන් සිහිපත් කරන්නෙමු...
අපගේ අධ්‍යයන මෙන්ම අනධයන කාර්‍ය් මණ්ඩලයද, ආදි සිසුන්ද, දෙමාපියන්ද, අපට නන් අයුරින් මූල්‍ය පහසුකම් සැපයූ හිතවතුන්ද සෙනෙහසින් සිහිපත් කරන්නෙමු..
AAT ආයතනයේ ප්‍රධාන කාර්‍ය්ලය මෙන්ම කුරුණෑගල ශාකාවද අපි ගරුත්වයෙන් සිහිපත් කරන්නෙමු..
වචනයකින් හෝ අපිට ශක්තියක් දුන් සැමට ස්තුතියි